Gossips

වාර්තාගත විදුලි ඉල්ලූමක්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වාර්තාගත විදුලි ඉල්ලූමක් පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
පසුගිය 20 වනදා පමණක් මෙගාවොට් 2500 ක විදුලි ඉල්ලූමක් වාර්තා වී ඇති අතර, එය ඉතිහාසයේ පළමු වතාවට සිදුවූවක් බවයි අමාත්‍යවරයා රඹුක්කන ප්‍රදේශයේ අද (24) පැවති උත්සවයකට එක්වෙමින් සදහන් කළේ.
මේ වනවිට මහවැලි ජලාශ රැසක ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැස තිබෙනවා.
රන්ටැඹේ ජලාශයේ ජල මට්ටම සියයට 1 කටත් වඩා අඩු වී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කළා.
කණ්ඩලම, කලාවැව, රාජාංගනය, නුවරවැව, තිසාවැව, හුරුලූ වැව, ගිරිතලේ, කවුඩුල්ල මෙන්ම සමනළ වැව සහ කොත්මලේ ජලාශවල ද ජල මට්ටම පහත බැස තිබෙනවා.
කෙසේ වෙතත්, වික්ටෝරියා, බෝවතැන්න, මොරගහකන්ද, දඹුලූ ඔය, පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය ඇතුළු ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ධාරිතාවක පවතින බවයි මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ.
මේ අතර, පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, නැගෙනහිර, උතුරුමැද ඇතුලූ ප්‍රදේශ කිිහපයකට හෙට දිනයේ සිට වැසි අපේක්ෂා කරන බවයි එහි වැඩබලන අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ.