පසුගිය සතියේ තේ වෙන්දේසියට කිලෝග්‍රෑම් මිලියන 7ක වාර්තාගත තේ තොගයක් ඉදිරිපත් වුණා.
ඊට අමතරව වතු යායන් හි තබා වෙන්දේසි කළ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 1.1ක්.
වෙන්දේසියේදී බී.ඕ.පී. වර්ගයේ තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 20කින් ද බී.ඕ.පී.එෆ්. වර්ගයේ තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 30කින් ද ඉහළ ගියා.
සියලුම තේ වර්ගවලට හොඳ ඉල්ලුමක් පැවති අතර, ඒ සඳහා විශේෂයෙන් රුසියානු පොදුරාජ්‍ය මණ්ඩලය, තුර්කිය, ඉරාකය, සෞදි අරාබිය සහ ඩුබායි වෙතින් ඇණවුම් වැඩි වශයෙන් ලැබී තිබෙනවා.
