Gossips

වායු දූෂණය නිසා තායිලන්තයේ පාසල් 400 ක් වසා දැමේ

වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර පාසල් 400 ක් වසා දමා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ සිසුන් විවිධ රෝගවලට ගොදුරුවීම වළක්වාගැනීමේ අරමුණින් මෙලෙස පාසල් වසා දමා ඇති බවයි.
වාහනවලින් පිටවන දුම සහ ගොඩනැගිලි ඉදිකිරීමේදී පිටවන දූවිලි අංශු හේතුවෙන් දරාගත නොහැකි ප්‍රමාණයට වාතය දූෂණය වී ඇති බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.
මේ වනවිට බැංකොක් නුවර මිලිමීටර් 2.5ට වඩා අඩු විෂ්කම්භයකින් යුත් ධූලි අංශු පවතිනවා.
මෙය වායු දූෂණයට වැඩි බලපෑමක් ඇති කරන අතර එමගින් පෙනහළු රෝග මෙන්ම පිළිකාද වැළදිය හැකි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.