Gossips

වායු දූෂණයෙන් වසරකට ළමයින් හය ලක්ෂයක් අකාලයේ මිය යයි

ලොව පුරා වයස අවුරුදු 15ට අඩු ළමයින් හය ලක්ෂයක් වායු දූෂණය නිසා අකල් මරණවලට ගොදුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එමගින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ වයස අවුරුදු 15ට අඩු ළමයින්ගෙන් සියයට 93ක් එලෙස වායු දූෂණයට ලක්වන බවයි.
දූෂිත වායුව මාරාන්තික වන වයස අවුරුදු 5ට අඩු ළමයින් මිලියන 630ක් ද ඊට ඇතුළත්.
ඒ අනුව 2016 වසරේ වායු දූෂණය නිසා මිය ගිය ළමයින් හයලක්ෂයකගේ අකල් මරණ බහුතරයකට හේතුවී ඇත්තේ ශ්වසන ආබාධයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මිහිපිට වෙසෙන සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් 9 දෙනෙකුම දූෂිත වායු ආශ්වාස කරන අතර වසරක දී ඒ නිසා අකල් මරණවලට ගොදුරු වන සංඛ්‍යාව මිලියන 7ක්.