Gossips

වායුගෝලයේ කැළඹීම් සහ විපර්යාස අධ්‍යයනයට ඇමරිකානු විශේෂඥයින් පිරිසක් දිවයිනට

මෙරට ඉහළ අහසේ සිදුවන වායු ගෝලීය කැළඹීම් හා විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ඇමරිකානු විශේෂඥයින් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව සිදුකරන මෙම අධ්‍යයනයට එක්වීම සඳහා ඇමරිකානු ගුවන් හමුදාවට අයත් හරිකේන් හන්ටර්ස් බල ඇණියේ ගුවන් නියමුවන් පිරිසක් සහ කාලගුණ විපර්යාස පිළිබඳ විශේෂඥයින් පිරිසක් මෙරටට පැමිණෙන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.
ඔවුන් ශ්‍රී ලංකාවේ දින 10ක පමණ කාලයක් අධ්‍යයනයන් සිදුකිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා ශ්‍රී ලාංකික විශේෂඥයින් පිරිසක් ද එක්වනු ඇති.