Gossips

වායුගෝලයේ කැළඹීමක් නිසා තුර්කි ගුවන් යානයක මගීන් 30 කට තුවාල

තුර්කියේ ඉස්තාන්බූල් අගනුවර සිට ඇමරිකාවේ නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් යානයක් වායුගෝ්ලයේ කැළඹීමකට හසුවීම නිසා එහි ගමන්ගත් මගින් 30 දෙනෙකුට පමණ තුවාල සිදුවී තිබෙනවා.
යානය, ගොඩබෑමට විනාඩි 45 කට පෙර අත්ලන්තික් සාගරයට ඉහළ අහසේදී මෙලෙස වායුගෝලයේ කැළඹීමට මුහුණදී ඇති අතර, එහිදී තුවාල ලැබූවන් එය ගොඩබැස්සවූ පසු රෝහල් ගතකළ බව නිව්යෝක් වාර්තා සඳහන් කළා.
බෝයිං 777 වර්ගයේ මෙම ගුවන් යානයේ මගීන් 326 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු ගමන් කර තිබෙනවා.