දිවයින පුරා වානේ පාලම් 250ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1ක මූල්‍යාධාර ලබාදීමට නෙදර්ලන්තය එකඟ වී තිබෙනවා.
ඊට අදාළ ණය ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල අද අත්සන් තැබූ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
දුරස්ථ ගම්මානවලට ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම මෙහි අරමුණයි.
