Gossips

වානිජ මහාධිකරණයේ නඩු පැවරීමේ මූල්‍ය සීමාව ඉහළට

වානිජ මහාධිකරණවල නඩු පැවරීම සඳහා අදාළ වන අවම මූල්‍යමය වටිනාකම රුපියල් මිලියන 5 සිට රුපියල් මිලියන 20 දක්වා ඉහළ නංවා තිබෙනවා.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර, එහි දැක්වෙන්නේ අදාළ නියෝගය මාර්තු 15 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.
ඊට පෙර වානිජ මහාධිකරණයේ ගොනුකර ඇති නඩු සඳහා එය බල නොපවත්වනු ඇති.
වානිජ මහාධිකරණවල නඩු පැවරීමේ මුල්‍යමය සීමාව මුලින්ම රුපියල් මිලියනයක් ලෙස පැවති අතර, පසුව එය රුපියල් මිලියන පහ දක්වා ඉහළ නංවනු ලැබුවා.
දැන් එය රුපියල් මිලියන විස්ස දක්වා වැඩිකර ඇත්තේ ඉහළ වටිනාකමක් සහිත වානිජ නඩු පමණක් වානිජ මහාධිකරණය වෙත ගොනු කිරීමේ අරමුණින්. නීතිවේදීන් පෙන්වා දෙන්නේ එමඟින් වානිජමය වැදගත්කමක් සහිත නඩු කඩිනමින් පසඳලීමට හැකියාවක් ලැබෙන බවයි.
එය ආයෝජකයන් ආකර්ශණය කරන තත්වයක් බවද ඔවුන් පෙන්වා දෙනවා.
ඒ අනුව මාර්තු 15 වනදාට පසු රුපියල් මිලියන විස්සට අඩු වානිජමය නඩු දිසා අධිකරණය වෙත ගොනු කළ යුතුයි.