වාද්දූව – පල්ලියමංකඩ මුහුදු තීරයේ ඊයේ (26) පස්වරුවේ දිය නෑමට ගිය පාසල් ළමයින් 6 දෙනෙකු අතරින් දෙදෙනෙකු සැඬ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ වාද්දූව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 17ක් වී පිරිමි ළමයින් දෙදෙනෙක්.
ඔවුන් සෙවීම සඳහා පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
