Gossips

වාද්දූවේ වෙරළ සාදයට එක්වූ තවත් අයෙකු මරුට

වාද්දුව වෙරළ හෝටලයක සාදයක් අතරතුර හදිසියේ රෝගී වී රෝහල්ගත කර සිටි පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු මිය ගොස් තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අනෙක් පුද්ගලයාගේ තත්ත්වය ද බරපතල බවයි පානදුර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඒ අනුව මෙම සාදයට එක්වූ තුන් දෙනෙකු දැනට මිය ගොස් තිබෙනවා.
පෞද්ගලික සමාගමක් ඊයේ සංවිධාන කර තිබූ එම සාදයට සහභාගි වූ වයස අවුරුදු 20ක සහ 36ක තරුණයන් දෙදෙනෙකු මත්පැන් පානය කරමින් සිටියදී හදිසියේ රෝගී වී රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගියා.