Gossips

වාද්දූවේ මත්පැන් සාදයේ දී මිය ගිය ගණන 3ක් වෙයි – තවත් අයෙකුට බරපතලයි

වාද්දූව වෙරළ හෝටලයක සාදයක් අතරතුර හදිසියේ රෝගී වී රෝහල්ගත කර සිටි පුද්ගලයින් 04 දෙනාගෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මීට පෙර සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම දැනට රෝහල්ගතව සිටින අනෙක් පුද්ගලයාගේ තත්ත්වය ද බරපතල බවයි පානදුර රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පෞද්ගලික සමාගමක් ඊයේ (04) සංවිධාන කර තිබූ එම සාදයට සහභාගි වූ වයස අවුරුදු 20ක, 31ක සහ 36ක තරුණයන් තුන් දෙනෙකු මත්පැන් පානය කරමින් සිටියදී හදිසියේ රෝගී වී රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගියා.
මොවුන්ගෙන් දෙදෙනෙකු කැස්බෑව සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
මොවුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) පස්වරුවේ සිදුකර තිබෙනවා.