Gossips

වාද්දුව හෝටලයක සාදයකට සහභාගිවූ තවත් පුද්ගලයෙකු මියයයි

වාද්දුව වෙරළ හෝටලයක සාදයක් අතරතුර හදිසියේ රෝගාතුරව පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයාද අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව මෙම සිද්ධියෙන් මියගිය ගණන හතර දක්වා ඉහළ ගොස් ඇති අතර, මීට පෙර අවුරුදු විස්ස, තිස් එක සහ තිස් හය යන වයස්වල පසුවන තරුණයින් තුන්දෙනෙකු සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණා.
පෞද්ගලික සමාගමක් විසින් අදාළ සාදය සංවිධාන කර තිබූ අතර, මොවුන් රෝහල් ගත කෙරුණේ අධික උණ සහ ස්වසන අපහසුතා හේතුවෙන්.