Gossips

වාද්දුවේ හෝටල් සාදය පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් – ජා.නි.පෙ

සිව් දෙනෙකුට මරු කැඳවමින් වාද්දුවේ හෝටලයක පැවති සාදය සංවිධානය කිරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බව ජතික නිදහස් පෙරමුණ පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියා.
‘‘ හයිජේ ලිවින් නැමැති මේ සාදය සංවිධාන කරලා තිබෙන්නේ අමිල පුෂ්පකුමාර සහ හර්ෂණ එරන්ද කියන අයවලුන් දෙදෙනා විසින්. දැන් මෙහි තිබෙන අරුම පුදුම තත්ත්වය නම් තාම මේ මිනී මැරුමට වගකිව යුතු කිසිවෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. මේ සාදය සංවිධානය කිරීම පිටුපස බලවත් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා. බලවත් අමාත්‍යවරයෙක් ක්‍රියාත්මක වෙනවා. වාද්දුව පොලිසියේ ඉන්න ස්ථානාධිපතිවරයා මීට පෙර හිටියේ කළුතර උතුර පොලිසියේ. කළුතර උතුර පොලිසියෙන් මේ ස්ථානාධිපතිවරයා දූෂණ චෝදනා මත පොලිස් කොමිසම විසින් ඔහුව ගල්කිස්ස පොලිසියට ස්ථාන මාරුවක් කළා. වාද්දුව පොලිස් ස්ථානයේ සේවය කරපු ප්‍රධාන පොලිස් පරීක්ෂකව මාරු කළා දොඩංගොඩ පොලිසියට. දොඩංගොඩ පොලිසියට මාරු කරලා ගල්කිස්ස පොලිසියට කළුතර උතුර පොලිසියට පොලිස් කොමිසම විසින් කාර්ය නියමයක් නැතුව මාරු කරලා යවන ලද ස්ථානාධිපතිවරයාව පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ ගෙනාවා. කවුද ගෙනාවේ කළුතර දිස්ත්‍රික්කයේ බලවත් අමාත්‍යවරයෙක්. මේ පොලිස් පරීක්ෂකවරයා යටතේ තමයි මේ සාදය පැවැත්වුණේ. අපිට තියෙන තොරතුරු අනුව මේ පොලිස් පරීක්ෂකවරයාටත් ආරාධනා පත්‍රයක් ලබාදීලා තියෙනවා සහභාගි වෙන්න කියලා. වහාම බලපෑම් කරනවා පොලිස්තිවරයාට නීතිය පොඩි දේටත් අහිංසකව ගෙනිහිල්ලා අත්අඩංගුව අරගෙන ගහලා චප්ප කරන පූජිත ජයසුන්දරගේ පොලිසිය හතර දෙනෙක් මරාදාලා. ඒ මරාපු මිනිස්සු තාම නිදැල්ලේ. මේ මිනීමරුවන් පිටිපස්සේ ඉන්න දේශපාලනඥයින්වත් අත්අඩංගුවට ගන්න ඕනේ. පොලිස් නිලධාරීන්වත් අත්අඩංගුවට ගන්න ඕනේ’’