Gossips

වාද්දුවේ සාදයකදී 4 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් දෙදෙනා යළි රිමාන්ඩ්

වාද්දුව ප්‍රදේශයේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුරදී අසාධ්‍ය තත්ත්වයට පත්ව පුද්ගලයන් 4 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 27 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ සාදය සංවිධාන කළ සමාගම් හිමිකාරියගේ සැමියා සහ එහි ප්‍රචාරක නිලධාරීයායි.