Gossips

වාද්දුවේ වෙරළ හෝටලයක සාදයකදී හදිසියේ රෝගී වූ දෙදෙනෙකු මරුට

වාද්දුව වෙරළ හෝටලයක ඊයේ පැවති සාදයක් අතරතුර හදිසියේ රෝගී වූ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සාදය අතරතුරදී රෝගී වූ පුද්ගලයින් 04 දෙනෙකු පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඉන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ වයස අවුරුදු 20 ක් සහ 36 ක්. මෙම මරණවලට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.