ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව – තල්පිටිය හන්දිය ආසන්නයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔහු ගමන් කළ යතුරුපැදිය, කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මිය ගිය තරුණයා කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, අනතුර සම්බන්ධයෙන් අදාළ කැබ් රථයේ රියදුරු වාද්දුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
