Gossips

වාතයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තවත් ඉහළට

වාතයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තවදුරටත් ඉහළ ගොස් ඇති බවට ජගත් සංවිධානය පවසනවා.
ඔවුන්ගේ නවතම වාර්තාවකට අනුව වසර 4කට පසුව සියයට 1.2ක ප්‍රතිශතයකින් එම වායුව ඉහළ ගොස් ඇති බව සඳහන්.
සංවර්ධනයත් සමඟ කර්මාන්තශාලාවලින් පිටවන අධික දුම මීට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
2020 වසර වන විට මෙම තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වුවහොත් එමගින් පරිසරයට දැඩි බලපෑම් එල්ල වනු ඇති බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා.