Politics Sri Lanka

ව්‍යාපෘතිය ස්ථිරවම නතර කළ යුතුයි – නතරකරන තුරු අපි විරෝධතා දක්වනවා

ව්‍යාපෘතිය ස්ථිරවම නතර කළ යුතුයි – නතරකරන තුරු අපි විරෝධතා දක්වනවා

රාජාංගණය යෝජිත ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නතර කළ බවට ප්‍රචාරය කළද එය නවතා නොමැති බව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි.

එම සංවිධානයේ භාණ්ඩාගාරික, ජනතා විමුක්ති පෙරමුණේ ගිරිබාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි ජයසිංහ මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික් ලේකම්වරයා ලබා දුන් පොරොන්දුව තාවකාලිකව අත්හිටුවීමක් බැවින් රජයට අවශ්‍ය ඕනෑම මොහොතක නැවත ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන්නේය.

මේ නිසා තම සංවිධානය අදාළ ව්‍යාපෘතිය අහෝසි වන තෙක් විරෝධතාවලින් ඉවත් නොවන බවද තමන් පානීය ජල ව්‍යාපෘතියට විලක්ප යෝජනා ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කෙළ් ය.

මේ වනවිට විරෝධතාවය අතරතුර පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම නිසා ඇති වූ ගැටුමේදී තුවාල ලබා ගොවීන් 05 දෙනෙකු රෝහල් ගතවී සිටින අතර 59 පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.