ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා අප්‍රේල් මස 5 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා නොකර සිටීම සදහා එම ව්‍යාපාරිකයාගෙන් රුපියල් පන්ලක්ෂ 13,000ක මුදලක් සැකකරු මීට පෙර ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
