ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් මෙම පොලිස් සැරයන්වරයා පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි එම ව්‍යාපාරිකයාගේ නිවසේදීයි.
රුපියල් 80,000 ක මුදලක් මෙලෙස ඔහු විසින් ලබාගෙන ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කෙරෙන චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා නොකර සිටීම සඳහායි.
මෙම සැරයන්වරයා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය ඊයේ නියෝග කළා.
එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරියට ද ස්ථාන මාරුවක් ලබාදී ඇති බවයි එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
