Gossips

ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමඟ 3ක් අත්අඩංගුවට

තඹලගමුව ඉන්ධන පිරවුම්හල අසළ දී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 නෝට්ටු 469ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම නෝට්ටු හමුවූ බවයි.
සැකකරුවන් 22, 24 සහ 52 යන වයස්වල පසුවන ඔවුන්, මාතර, හිනිදුම හා අකුරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.