ව්‍යාජ ඇල්ජීරියානු වීසා යොදාගෙන කටාර් හරහා ඇල්ජීරියාවට යාමට උත්සාහ කළ පුද්ගලයන් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊට අනුබලදුන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුද පසුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා පේදුරුතුඩුව, මන්නාරම සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
