Gossips

ව්‍යාජ වාහන ලියාපදිංචි සහතික සකස් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ වාහන ලියාපදිංචි සහතික සකස් කර එම පොත් උකස් තබා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොණරාගල – හුලන්දාව මංසන්ධිය ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මතයි.
සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත යතුරුපැදියක්, ඊට ව්‍යාජ ලෙස සකස් කරන ලෙස ලියාපදිංචි සහතිකයක්, වාහන අයිතිය පැවරීමේ අයදුම්පත් සහ පරිගණක යන්ත්‍ර දෙකක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 සහ 24 වයස්වල පසුවන රත්තනපිටිය සහ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.