Gossips

ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර සිංගප්පූරුවට යාමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර සිංගප්පූරුව බලා යාමට උත්සාහ කළ තරුණයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද දහවල් මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.
ඔහු එම ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නිරතවන අයෙක් බව සඳහන්.
සැකකරුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී සිංගප්පුරුවේ සිට එංගලන්තය බලා යාමට ගුවන් ටිකට්පතක් හමුවී තිබෙනවා.
එමෙන්ම එහි තිබී ව්‍යාජ ලෙසට සකස් කළ වානිජ නාවිකයන් වෙත නිකුත් කෙරෙන හැඳුනුම්පත සහිත පොතක්, නාවිකයෙකු බවට හැගවෙන ලෙසට සකස් කළ තවත් ව්‍යාජ සහතික පත්‍ර විශාල ප්‍රමාණයක් ද හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
හෙළිවී ඇත්තේ ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර මෙම තරුණයා එංගලන්තය බලා යාමට පැමිණ ඇති බවයි.
මෙම කටයුතු සංවිධාන කරමින් මෙහෙයවන පුද්ගලයෙකු එංගලන්තයේ සිටින බවට අනාවරණ වී ඇති අතර වැඩිදුර විමර්ශණ සඳහා සැකකරු ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.