Gossips

ව්‍යාජ ලිපිලේඛන සැකසූ ස්ථානයක් පොලීසිය වටලයි

නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපිලේඛන සකස් කරන ස්ථානයක් පොලීසිය ඊයේ රාත්‍රියේ වටලා තිබෙනවා.
පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, කළගෙඩිහේන ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු එහිදී අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එම ස්ථානයේ තිබී ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමට යොදාගත් රාජ්‍ය අංශයට අයත් විවිධ වර්ගයේ ලිපි ශීර්ෂ, රබර් මුද්‍රා 5 ක්, පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.