ව්‍යාජ ලෙස බලපත්‍ර සහ සහතික පත්‍ර මුද්‍රණය කරන ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ගල්නෑව – කලංකුට්ටිය ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මුද්‍රණාලයේ තිබී ව්‍යාජව සකස් කරන ලද රියදුරු බලපත්‍ර 42ක්, වාහන ආදායම් බලපත්‍ර 8ක්, වැලි සහ බොරලු ප්‍රවාහන බලපත්‍ර 14ක් සහ තවත් සහතික පත්‍ර මෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලේඛනයක් ද ඊයේ (11) පොලිස් භාරයට ගනු ලැබුවා.
මීට අමතරව එම කූඨ ලේඛන සකස් කිරීමට භාවිත කරන ලද පරිඝනක ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගත් බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරු 36 හැවිරිදි කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.