Gossips

ව්‍යාජ මුදල් මුද්‍රණ මධ්‍යස්ථානයක් වටලා 5 ක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් වටලා සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවසක ව්‍යාජ මුදල් නෝට්ටු මුද‍්‍රණය කරන බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ සවස වැටලීම සිදුකර ඇත්තේ.
එහිදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 15 ක්, මුද්‍රණයට යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, ස්කෑනර් යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක්, යතුරු ලියනයක් සහ ව්‍යාජ රබර් මුද‍්‍රා කිහිපයක් ද එම නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.
අවුරුදු 33, 37, 39 සහ 41 වයස්වල පසුවන සැකකරුවන් කොරළවැල්ල, එගොඩඋයන සහ අගුලාන ප්‍රදේශවල පදිංචිකරුවන්.
වැඩිදුර විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකරුවන් ව්‍යාජ ලෙසට රාජ්‍ය සහතික පත් සහ අධ්‍යාපන සහතික පත් ද මුද්‍රණය කර ඇති බවයි.
ඔවුන් අද මොරටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.
මේ අතර කිතුග්ල මඩමෝදර් ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 500 මුදල් නෝට්ටුවක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිතුල්ගල පොලිසියට ලැබුනු තොරතුරකට අනුවයි සැකකරු ඊයේ සවස පොලිස් භාරයට ගැනුනේ.
ඔහු අද රුවන්වැල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරෙන බවයි පොලිසිය කියාසිටියේ.