Gossips

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබා ගත් විදේශිකයෙකු අත්අඩංගුවට

ව්‍යාජ රුපියල් 5000සේ නෝට්ටු ළඟ තබා ගත් විදේශිකයෙකු පිළියන්දල – මඩපාත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදියි.
මොහු 28 හැවිරිදි මාලි ජාතිකයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සැකකරු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000සේ නෝට්ටු 4ක් සොයාගෙන තිබෙනවා.
මීට අමතරව අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.