Gossips

ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබාගෙන සිටි පුද්ගලයෙකු මැදවච්චියේදී අත්අඩංගුවට

මැදවච්චි – පූනෑව ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැදවච්චිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී රුපියල් 5000 සහ රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
පෙරේදා දිනයේ සැකකරු විසින් මැදවච්චිය නගරයේ විදුලි උපකරණ වෙළදසැලකට පැමිණ භාණ්ඩ මිලදී ගෙන රුපියල් 5000 නෝට්ටුවක් සහ රුපියල් දහසේ නෝට්ටු දෙකක් ලබාදී ගෙවීම් සිදුකර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සැක සිතූ වෙළදසැල් හිමිකරු ඒ පිළිබදව මැදවච්චිය පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි ව්‍යාජ මුදල් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු රාජාංගනය – යාය 2 ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි නාවික හමුදා සෙබළෙක්.