Gossips

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු ඉංගිරියේදී අත්අඩංගුවට

ඉංගිරිය – ඌරුගල ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු කිහිපයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ එළවළු වෙළඳසැලකින් එළවළු සහ පළතුරු මිලදී ගැනීම සඳහා ඔවුන් ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටුවක් ලබාදී ඇති බව සඳහන්.
පසුව වෙළදසැල් හිමිකාරිනිය, දුරකථන ඇමතුමක් ලබාදී ඒ පිළිබදව ඉංගිරිය පොලීසිය දැනුවත් කර තිබුණා.
ඒ වන විටත් අදාළ පුද්ගලයින් දෙදෙනා ඔවුන් පැමිණි මෝටර් රථයෙන් පළා ගොස් සිටි අතර, පසුව ඉංගිරිය – බොරළුගොඩ ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වුණා.
ඔවුන් සතුව තිබූ රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් මත්තල සහ පොතුහැර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.