Gossips

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප)

ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගත් තරුණියන් දෙදෙනෙක් අම්පාර උහන ප්‍රදේශයේදී පොලිසිය විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ තරුණියන් උහන බණ්ඩාරදූව ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවටයි අනාවරණ වී ඇත්තේ.
එම තරුණියන් 23 සහ 24 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.
මේ අතර අදාළ සිදුවීමට අදාළව 43 හැවිරිදි පසුවූ පිරිමි පුද්ගලයෙකුද ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් එක් තරුණියක් පසුගිය දා සොහොයුරා ලවා මෙම මුදල් මාරු කිරීමට උත්සාහ කර ඇති බවත් අනතුරුව ඊයේ දිනයේ ඇයද පැමිණ මුදල් මාරු කිරීමට උත්සහ ගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මෙලෙස පළමුව ගොනාගොල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණ ඇති අතර අනතුරුව තවත් වෙළඳසැලකට ද ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ලද තොරතුරු අනුව ක්‍රියාත්මක වූ උහන පොලිසිය විසින් අදාළ කාන්තාව නිවසට ගොස් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරියන් දෙදෙනා සහ සැකකරු අද (21) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
උහන පොලිසිය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

(ඡායාරූප – අම්පාර සමන් චන්ද්‍රතිලක )