ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා කඩදාසි 2495 ක් සමඟ සැකකරුවෙකු පිලියන්දල – කොළමුන්න ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිලියන්දල පොලීසිය වෙත ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදී ජංගම දුරකථන දෙකක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
46 හැවිරිදි මොහු කොළමුන්න – බිම්බාරාම මාවතේ පදිංචිකරුවෙක්.
