Gossips

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබා ගත් සැකකරුවෙකු තංගල්ලේදී අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබා ගත් සැකකරුවෙකු තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, තංගල්ල කොට්ඨාශ දූෂණ මර්දන අංශය සිදුකළ වැටලීමකදියි. මොහු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000සේ නෝට්ටු 10ක් සහ 500යේ නෝට්ටු 50ක් සොයා ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙම සැකකරු මීට පෙර තංගල්ල සහ වලස්මුල්ල ප්‍රදේශවලදී සිදුවූ කොල්ල කෑම් දෙකකට සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.