Gossips

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් 401,500ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බියගම පේරගස් හංදිය ප්‍රදේශයේදීයි.
ලැබුනු තොරතුරකට අනුව ඊයේ සවස 3 ට පමණ වැටලීම සිදුකර තිබෙනවා.
සැකකරු සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 38 ක්, රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 300 ක් සහ රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 165 ක් සොයා ගැනුනා.
මෙම පුද්ගලයා මල්වාන ප්‍රදීපගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක්.
සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.