චාවකච්චේරිය – කයිතඩි ප්‍රදේශයේදී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක් පුද්ගලයෙකු සතුව ව්‍යාජ මුදල් නෝ්ට්ටු 18 ක්ද, අනෙක් පුද්ගලයා සතුව ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක්ද තිබී ඇති බවයි.
චාවකච්චේරිය පොලිසිය විසින් අද අලූයම සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මේ අතර, වව්නියාව – නෙදුන්කේනි ප්‍රදේශයේදීද ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 18 ක් සහ ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 10 ක් ළඟ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
