මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරන පෞද්ගලික මගී බස් රථ වැටලීම ඔක්තෝම්බර් මාසයේ සිට නැවතී ඇතැයි හිරු ප්රවෘත්ති අංශයට වාර්තාවුණා.
පරිපාලන ගැටළු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි අප කළ විමසීමකදී අනාවරණ වුණේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ මෙලෙස මාර්ග බලපත්‍ර නොමැති බස් රථ 3,000 කට අධික සංඛ්‍යාවක් ධාවනය කෙරෙන බවයි.
අධිවේගී මාර්ගවල එවැනි බස් රථ 100 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය කෙරෙන අතර, කොළඹ – යාපනය දක්වා එවැනි බස් රථ 60 ත් 70 ත් අතර ප්‍රමාණයක් ධාවනයට එක් කර ඇති බව ගැමුණු විජේරත්න සඳහන් කළා.
පසුගිය මස 29 වනදා තුන්දෙනෙකුට මරු කැඳවමින්, නාත්තන්ඩිය ප්‍රදේශයේදී හැමිල්ටන් ඇළට පෙරළුනු අධි සුඛෝපභෝගී බස් රථයද ධාවනය කර ඇත්තේ මාර්ග බලපත්‍රයක් නොමැතිව බවට හෙළිවී තිබෙනවා.
මෙලෙස බලපත්‍ර නොමැතිව බස් රථ අනතුරට ලක්වූ පසු ආපදාවන්ට ලක්වන මගීන්ට වන්දි මුදල් නොලැබෙන බවයි බස් සංගම් ප්‍රකාශ කළේ.
අප මේ පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.පී.හේමචන්ද්‍රගෙන් විමසීමක් කළ අතර, මගීන් අසීමිතව රක්ෂණය කළ බවට තහවුරු නොකරන බස් හිමියන්ට මාර්ග බලපත්‍ර ලබා නොදෙන බවයි ඔහු කියා සිටියේ.