Gossips

ව්‍යාජ බලපත්‍ර උපයෝගි කර ගනිමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 5 ක් අත්අඩංගුවට

බෙලිඅත්ත – හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ව්‍යාජ බලපත්‍ර උපයෝගි කර ගනිමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 5 ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේදී ඊයේ (20) සිදුකළ වැටලීමකදී එම ලොරි රථ පැදවූ පුද්ගලයින් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පස් ප්‍රවාහනය කිරීම සඳහා ලබාදෙනු ලබන බලපත්‍රයට සමාන බලපත්‍රයක් යොදා ගනිමින් පස් ප්‍රවාහනය කරන බවට හම්බන්තොට දිසා විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.