Gossips

ව්‍යාජ නෝ්ට්ටු සමඟ සැකකරුවෙකු තණමල්විලදී අත්අඩංගුවට

ව්‍යාජ නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු තණමල්විල – විජේපුර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ප්‍රදේශයේ වෙළඳසැළකට ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවක් ලබාදී ඇති අතර, එය ව්‍යාජ බවට වෙළඳසැලේ හිමිකරු විසින් ප්‍රකාශ කිරීමත් සමඟ සැකකරු එය ඉරා දැමීමට උත්සාහ කර ඇති බව සඳහන්.
ඒ පිළිබඳ කළ පැමිණිල්ලකින් අනතුරුව තණමල්විල පොලිසිය ඊයේ (02) පස්වරුවේ සිදුකළ වැටලීමකදී ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක්ද සොයාගනු ලැබුවා.
එහි තිබී රුපියල් පන්දහසේ සහ දහසේ ව්‍යාජ නෝට්ටු 8ක් සොයාගෙන ඇති අතර, ඒවා මුද්‍රණයට යොදාගත් පරිගණකයක් සහ ස්කෑනර් යන්ත්‍රයක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
26 හැවිරිදි සැකකරු අද වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.