Gossips

ව්‍යාජ නිලධාරින් පිළිබඳ අවධානයෙන් සිටින්න – පාරිභෝගික අධිකාරිය

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ, පසුගිය දිනවල මෙලෙස ව්‍යාජ පුද්ගලයින් වෙළඳසැල්වලට පැමිණ එහි හිමිකරුවන් බියගන්වා මුදල් ඉල්ලා සිටි බවට ලැබුණු පැමිණිලි පදනම් කරගනිමින්.
ඒ අනුව එම අධිකාරිය පවසන්නේ අනන්‍යතාව තහවුරු කරන තම නිලධාරීන් හැර වෙනත් කිසිදු පුද්ගලයින්ට වෙළඳසැල් පරීක්ෂා කිරීමකට ඉඩ ලබා නොදෙන ලෙසයි.