ව්‍යාජ දකුණු කොරියා විදෙස් ගමන් බලපත්‍ර යොදා ගනිමින් යුක්රේනය වෙත පළා යාමට උත්සාහ කළ වියට්නාම ජාතිකයන් 5 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 30 ක වයස්වල පසුවන මෙම පිරිස අතර එක් තරුණියක් ද වනවා.
ඔවුන් ව්‍යාජ විදෙස් ගමන් බලපත් යොදා ගනිමින් පසුගිය සඳුදා අලුයම මැලේසියාවේ සිට කොරියානු ජාතිකයෙකු සමග මෙරටට පැමිණ තිබුනා.
පසුව ඔවුන් අද දහවල් යුක්රේනය බලා පිටත්වන ගුවන්යානයක් සඳහා කටුනායකට පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එක් අයෙකු ඇතුලුවීමේ අවසර පත්‍රය ද ලබාගෙන ගුවන්යානයට ඇතුලුවී සිට ඇති අතර අනෙක් 4 දෙනා සතුව තිබු විදෙස් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බවට අනාවරණ වීමෙන් පසුව විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
එහිදී හෙළිවී ඇත්තේ ගුවන්යානයට ඇතුලුවී අසුන්ගෙන සිටි වියට්නාම ජාතිකයා සතුව තිබී ඇත්තේ ද ව්‍යාජ ගමන් බලපත්‍රයක් බවයි.
ආගමන විගමන නිලධාරීන් භාරයට ගත් සැකකරුවන් පසුව ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.