Gossips

ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් එංගලන්තයට යාමට සැරසුණු ඉරාක ජාතිකයන් තුන්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් එංගලන්තය බලා පිටත්ව යාමට උත්සාහ කළ ඉරාක ජාතිකයින් 3 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එකම පවුලේ මව,පියා සහ වයස අවුරුදු 2 ක් පමණ වන දරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින්.
අදාළ ඉරාක ජාතික පුද්ගලයින් තුන්දෙනා සයිප්‍රස් ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර ගනිමිනුයි මෙලෙස එංගලන්තය බලා පිටත්ව යාමට උත්සාහ කර ඇත්තේ.