Gossips

ව්‍යාජ ගමන් බලපත්‍ර ඉදිරිපත් කළ ඉරාන ජාතික මවක් සහ දියණියක් පිටුවහල් කරයි

ව්‍යාජ ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් ලන්ඩන් බලා යාමට පැමිණි ඉරාන ජාතික මවක් සහ දියණියක් ආගමන විගමන නිළධාරීන් අත්අඩංගුවට ගෙන යළි පිටුවහල් කර තිබෙනවා.
අද අළුයම 4.15ට ගල්ෆ් ගුවන් සේවයට අයත් යානයකින් අබුඩාබි නුවර සිට කටුනායක ගුුවන් තොටුපළට මොවුන් පැමිණියේ බ්‍රිතාන්‍ය ජාතිකයින් බව පවසමින්.
එහිදි මොවුන්ගේ ගමන් බලපත්‍ර පරික්ෂා කළ ආගමන විගමන නිළධාරීන් එම බලපත්‍ර ව්‍යාජ ඒවා බවට තහවුරු කරගෙන අත්අඩංගුවට ගත්තා.
පසුව මෙම 65 හැවිරිදි මව සහ 37 හැවිරිදි දියණියගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඉරාන ජාතිකයින් බවයි.
පසුව ඔවුන් යළි අබුඩාබි බලා පිටුවහල් කිරිමට ආගමන විගමන නිළධාරීන් කටයුතු කළා.