Gossips

ව්‍යාජ ගමන් බලපත්‍රයකින් බෙල්ජියමට යාමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව හරහා බෙල්ජියමට යාමට උත්සාහ කළ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා පසුගිය 2 වන දා මෙරටින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර, ඔහු යළි අද අලූයම මෙරටට පැමිණ ඇත්තේ මලයාසියානු ගමන් බලපත්‍රයක් යොදා ගනිමින්.
ගුවන් ගමන් බලපත්‍රය පිළිබද සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි.
මෙම ගුවන් ගමන් බලපත්‍රය තමන් ගමන් ගත් ගුවන් යානය තුළ තිබී ලබා ගත් එකක් බව ද ඔහු ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර තිබෙනවා.