Gossips

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් මඟින් මුදල් වංචා කළ තුන්දෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපය වෙළඳ ආයතනවලින් භාණ්ඩ මිලදී ගත් තුන්දෙනෙකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ කාඩ්පත් 13ක් සහ හැඳුනුම්පත් දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන්ට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අධිකරණවල නඩු ගණනාවක් පවතින බව ද පොලීසිය සඳහන් කළා.
සැකකරුවන් අවුරුදු 31ත්, 44ත් අතර වයස්වල පසුවන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්.