Gossips

ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය කාන්තාවක් රාජගිරියේදී අත්අඩංගුවට

රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ මෙම වැටලීමේදී සැකකාරිය සතුව තිබී ගිනි අවි 4 ක් ද ඊයේ පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
කළක සිට මෙම කාන්තාව සිය සැමියා සමඟ එක්ව ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් සහ රියදුරු බලපත්‍ර සකස් කිරීම සිදුකරගෙන ගොස් ඇති බවයි මූලික පරීක්ෂනවලදී අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය 30 හැවිරිදි වියේ පසුවන අතර, සැමියා ප්‍රදේශය අතහැර පළාගොස් තිබෙනවා.