Gossips

ව්‍යාජ එළඟි තෙල් කම්හලක් වටලයි

වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ එළඟී තෙල් නිෂ්පාදනය කරන ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා තිබෙනවා.
එම අධිකාරිය සඳහන් කළේ අදාළ ස්ථානයේ තිබී සත්ත්ව මේද අඩංගු භාජන, ෆාම් ඔයිල් අඩංගු භාජන සහ එළඟීතෙල් අසුරන ලද භාජන 115 ක් සොයා ගත් බවයි.
ඔවුන් ෆාම් ඔයිල් සහ සත්ත්ව මේදය මිශ්‍ර කර එම ව්‍යාජ එළඟී තෙල් නිෂ්පාදනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
පසුව, වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අදාළ ව්‍යාජ එළඟී තෙල් තොගය කාර්මික තාක්ෂණ ආයතනයට භාරදී තිබුණා.
එහිදී ද අනාවරණ වී තිබුණේ මෙම එළඟී තෙල් ව්‍යාජ ලෙස සකස් කර ඇති බවටයි.
ඒ අනුව, අදාළ නිෂ්පාදන ආයතනයට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරනු ලැබූ අතර එහිදී ව්‍යාපාරයේ හිමිකරු වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට රුපියල් දස දහසක දඩයක් නියම කෙරුණා.