රුපියල් දහතුන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ව්‍යාජ ඇමරිකානු ඩොලර් පනහේ නෝට්ටු 169 ක් සමඟ මාලදිවයින් ජාතිකයෙකු ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාකිස්තානයේ ලාහෝර් නුවර සිට මෙරටට පැමිණි මොහු සම්බන්ධයෙන් සැක සිතී සිදුකළ පරීක්ෂාවකදී ගමන් මල්ලේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයා ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
මෙම මුදල් නෝට්ටුවල එකම අංකයක් සටහන් කර ඇති අතර, 49 හැවිරිදි සැකකරු සහ එම මුදල් නෝට්ටු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.
(ඡායාරූප – TKG කපිල )