Gossips

ව්‍යවස්ථා සම්පාදනය ජනතා කැමැත්ත තුළ සිදුවිය යුතුයි – උතුරේ ආණ්ඩුකාර

ව්‍යවස්ථා සම්පාදනයක් සිදුවිය යුත්තේ සමාජ කථිකාවක් තුළින් පමණක් බව උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (15) මහනුවර සංචාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
මෙහිදී ආණ්ඩුකාරවරයා ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට එක්වූ අතර, පසුව මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.