Gossips

ව්‍යවස්ථා සභාව මේ සතියේ රැස්වෙයි

ජාතික පොලිස් කොමිසම සදහා නව සාමාජිකයින් පත් කිරීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සතිය තුළ රැස්වීමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන දිනය කතානායක කරූ ජයසූරිය විසින් අද පස්වරුවේ දැනුම්දීමට නියමිත බවයි කතානායක මාධ්‍ය අංශය සදහන් කළේ.
ජාතික පොලිස් කොමිසමේ නිල කාලය පසුගිය 14 වනදායින් අවසන් වුණා.
කෙසේ වෙතත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව නිලධාරි මණ්ඩලය පත් කරන තුරු කොමිසමේ කටයුතු පවත්වා ගෙන යාමේ බලය වත්මන් නිලධාරි මණ්ඩලය සතුව පවතිනවා.