Gossips

ව්‍යවස්ථා සභාවේ 6 දෙනෙකුගේ කාලය අවසන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 6 දෙනෙකුගේ නිළ කාලය අදින් අවසන්වීමට නියමිතයි.
කෙසේ වෙතත්, ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් වන අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, සභානායකවරයාගේ සහ ජනාධිපතිවරයා නියෝජනය කරමින් එම සභාවට මෑතකදී පත් කළ අමාත්‍ය මහින්ද සමරසිංහගේ නිල කාලය තවදුරටත් ක්‍රියාත්මක බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයින් වන අමාත්‍ය තිලක් මාරපන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, විජිත හේරත් සහ සිවිල් සමාජ ක්‍රියාකාරකයින් තුන්දෙනාගේ නිළ කාලය අද සිට මෙලෙස අවසන්වීමට නියමිතයි.
ඒ අනුව ඔවුන්ගේ නියෝජනයන් සඳහා වෙනත් පුද්ගලයින් 6 දෙනෙකු පත් කළ යුතු අතර, ඔවුන්ට නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තේරී පත්විය නොහැකි බව ද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.